NATHTHANDIYA PUBLIC LIBRARY

naththandiya public library

වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි වූ ප්‍රථම පුස්තකාලය ලෙසින් වර්ෂ 1975 දී පමණ ආරම්භ කරන ලද නාත්තන්ඩිය මහජන පුස්තකාලය වර්තමානය වන විට නාත්තන්ඩිය බල ප්‍රදේශයට අයත් පුස්තකාල 13කින් යුත් පුස්තකාල පද්ධතියේ ප්‍රධාන පුස්තකාලය වේ. 1999 ජූලි 30 වනදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් තෙවන ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙසින් නම් කරනු ලැබූ නාත්තන්ඩිය මහජන පුස්තකාලය වර්තමානය වන විට දෙවන ශ්‍රේණියේ පුස්තකාලයක් බවට පරිවර්තනය වී ඇත. ආරම්භයේදී ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේම පවත්වාගෙන ආ මෙම පුස්තකාලය 2009 අගෝස්ත 31 වන දින නව දෙමහල් ගොඩනැගිල්ලක නව මුහුණුවරකින් සියලු පහසුකම් සමගින් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විවෘත විය.

වර්තමානය වන විට පොත් 26000කට අධික ප්‍රමාණයකින් යුත් නාත්තන්ඩිය මහජන පුස්තකාලයේ පාඨක සංඛ්‍යාව 4750 ඉක්මවා ඇත. පොත් බැහැදරීමේ අංශය, විමර්ශන අංශය, ළමා අංශය, පුවත්පත් කියවීම් අංශය, සගරා අංශය, අධ්‍යයන අංශය, විද්‍යුත් පුස්තකාල අංශය, පොත් බැදුම්කරණ අංශය ආදී අංශ වලින් සමන්විත නාත්තන්ඩිය මහජන පුස්තකාලට අයත් ජංගම පුස්තකාල රථයක් සහ පුවත්පත් කියවීම් ශාලා 03ක් වර්තමානය වන විට පවතී. මෙම සේවාවන්ට අමතරව පාඨක සමාජය හරහා නිරන්තව සිදු කරන පාඨක දැනුම ප්‍රවර්ධන වැඩසටහන්, ආගමික වැඩසටහන්, සමාජ සත්කාරක වැඩසටහන් ආදිය නිසා නාත්තන්ඩිය මහජන පුස්තකාලය ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.  

වයඹ පළාතේ ‌පුස්තකාල ඇගයීම ‌‌ වෙනුවෙන්  පැවැත්වෙන වයඹ පළාත් කාර්ය සාධන තරගාවලියේදී 2014, 2015 සහ 2016 යන වර්ෂයන්හිදී නොකඩවා වයඹ පළාතේ 1 සහ 2 ශ්‍රේණියේ පුස්තකාල අතුරින් ප්‍රථම ස්ථානයට පත්ව විශිෂ්ඨතා සම්මානයකින් පිදුම් ලැබීය.

වර්ෂ 2014 දී කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යනාංශය මගින් ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල අතර පැවත්වූ තරගයෙන්ද ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයක් දිනා ගැනීමට නාත්තන්ඩිය මහජන පුස්තකාලයට හැකි විය.

එසේම 2015 වර්ෂයේදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධාන කල ජාතික ඵලදායීතා තරගාවලියේ ක්ෂුද්‍ර පරිමාණ කාණ්ඩයේ තරග අංශයෙන් ඉදිරිපත් වූ අපට ශ්‍රී ලංකාවෙන්ම තෙවන ස්ථානයක් ලබා ගැනීමට හැකි වූ අතර එම තරගයෙන් 2017 සහ 2018 වර්ෂයන්හිදී  ශ්‍රී ලංකාවේ දෙවන ස්ථානයට පත්වීමට හැකි විය.

පාඨක සමාජයේ වැඩසටහන් පිළිබ‍දව පාඨකයන් දැනුවත් කිරීම ස‍දහා විවෘත කර ඇති face book වෙබ් පිටුව මගින් එම වැඩසටහන් පිළිබදව ඕනෑම පුද්ගලයෙක්ට තොරතරැ ලබා ගත හැකිය.

https://www.facebook.com/Nattandiya-Public-Library_Readers-Socity  

අපගේ face book වෙබ් පිටුව ෙව්.